මේ මොකක්ද?. අවසන් දින ටිකේ කුමන්ත්‍රණයක්?.. අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වවක් මෙන්න.. (VIDEO)

Anura Kumara Dissanayaka Election Latest Headlines Sri lanka election 2024 sri lanka presidential election 2024
By krishani Sep 17, 2024 05:21 AM GMT
krishani

krishani

Report

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳව ය.

වහාම දැනුවත් වෙන්න.. පොලීසියෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න..

වහාම දැනුවත් වෙන්න.. පොලීසියෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න..


ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙවැන්නකී,

"නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරි දින දෙකේ දී අලුත් දෙයක් නෑ. නැවත නැවත අපේ කරුණු ඉදිරිපත් කිරීමත්, ඒ වගේම ආණ්ඩුව සහ සජිත්ගේ කඳවුර පැත්තෙන් අපට එල්ල කරන අවදාල සහ විය හැකි කුමන්ත්‍රණයන් ගැන සමාජයට කරුණු ඉදිරිපත් කිරීම තමා අපේ අපේක්ෂාව.

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..


ඔබ දකින්න ඇති අපේ රටේ බොහෝ අවස්ථාවල මැතිවරණ ක්‍රියාවලිය මෙලෙස පැවතුණත් අනපේක්ෂිත සිදුවීම් සිදුවෙනවා.ඒ නිසා පුරවැසියන් තුළ අනුමානයන් තිබෙනවා.

සජබ මන්ත්‍රීවරයෙක් අවස්ථා දෙකක දී ප්‍රකාශ කළා කලබලයක් ඇති වීමේ අනතුරක් පිළිබඳව. ඒ වලේම අපි දැක්කා ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ සිදුවීමක් වාර්තා වෙනවා.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


ඒ නිසා යම් කුමන්ත්‍රණකාරී ලෙස ගැටුම්කාරී තත්ත්වයක් සමාජයේ නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් ඔවුන් තුළ තිබිය හැකියි.

ඒක හෙළිදරව් කිරීමත් එවැනි කිසිදු ගැටුමකට කුමන ආකාරයකින්වත් අපේ සාමාජිකයින් සම්බන්ධ නොවෙන්නත් ඒ වගේම ගැටුමක් ඇති වෙනවා නම් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවන් ඔවුන්ට පැවරී තිබෙන බලතල තුළ එවැනි දෙයක් ව්‍යාප්ත වීම වැළැක්වීම යන ඉල්ලීම තමා අපේ පැත්තෙන් තියෙන්නේ.."

වීඩියෝ දර්ශන - Ada Derana


.