මාලිමාව සමගින් ප්‍රබල දේශපාලන පක්ෂයක් එක් වෙනවා කියලා.. කවුරුත් නොකියපු පුදුම හිතෙන කතාවක් ජනපති අනුරගෙන්..

Jaffna Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Latest Headlines AKD
By krishani Oct 13, 2024 06:00 PM GMT
krishani

krishani

Report

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව උතුරේ දේශපාලන නායකයෙක් තමාට තහවුරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (13) තලවතුගොඩ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ අපේක්ෂක හමුවක දී ය.

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..


වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,

"අපි මේ ගමන් කරමින් තිබෙන්නේ ශක්තිමත් දේශපාලන බලයක් අත්පත් කරගැනීම සඳහා සංක්‍රාන්ති අවධියක. සමහර තීන්දු තීරණ සමහර ක්‍රියාකාරිත්වයන් සඳහා මීට වඩා ප්‍රබල දේශපාලන බලයක් අපට අවශ්‍යයි.

2010 දී මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් ලැබුණා. ඉන් අවුරුදු 5කට පසුව ඔවුන් පරාජයට පත්වුණා.

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..


2020දී ගොඨාභය රාපක්ෂයට 2/3ක බලයක් ලැබුණා. හැබැයි අවුරුදු දෙක හමාරේදි පාර්ලිමේන්තුවේ 2/3 බලය සීසීකඩ ගියා.

ජනාධිපතිවරයාට ගෙදර යන්න වුණා. ඒ නිසා ශක්තිමත් බලය කියලා කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ නිර්මාණය වන ඔළුගෙඩි ප්‍රමාණය පමණක් නෙමෙයි.

අනුර යන්නෙත් රනිල්ගේ පාරේ?. හරීන් ඡන්දෙට එන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න ද?. - හරීන් එකවරම කීව පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)

අනුර යන්නෙත් රනිල්ගේ පාරේ?. හරීන් ඡන්දෙට එන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න ද?. - හරීන් එකවරම කීව පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)


උතුරේ ප්‍රධාන දේශපාලන නායකයෙක් අපට මුණගැහුණා. ඔහු කිව්වා එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව ඔහුගේ කණ්ඩායම ජාතික ජන බලවේගය සමග වැඩකරන්න කැමතියි කියලා.

ඒ වගේම ඔවුන් අපිත් එක්ක වැඩකරන්නේ නැත්නම් උතුරේ ජනතාව අපිත් එක්ක වැඩකරන්න සූදානම් වෙලා අවසන් කියලා කිව්වා".