ඡන්දය දැමූ ජනතාවගෙන් අනුර හදිසියේම ඉල්ලූ ඉල්ලීම..

National Peoples Party Anura Kumara Dissanayaka Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Sep 21, 2024 12:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත්වන බවයි.

පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ ස්ථාපනය කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

"මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවී. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු මාරුකරන්න, නායකයෝ මාරුකරන්න ඡන්ද පවත්වලා තිබෙනවා. මම හිතනවා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂයක් දෙන මැතිවරණය බව.

ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සියලුදෙනා සාමකාමි වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ගතිලක්ෂණය තමයි, ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යපාරයකට වැඩකරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා. ඒ අයිති අපි දිගටම ආරක්ෂා කළ යුතුයි