පිනට ඇරපු හරක් රැලක් අනුරගෙන් සැර කතාවක්...

By Sithumi Sep 10, 2022 05:55 PM GMT
Sithumi

Sithumi

Report

රජයේ ඇමති මණ්ඩලය හන්දි වල සිටින පිනට ඇරපු වහු (වස්සන්) කණ්ඩායමක් වගේ යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රාජ්‍ය ඇමතිවරුන් නඩත්තු කිරීමට රටකට දරාගත නොහැකි අසීමිත මුදලක් වැය කරන බව සඳහන් කළ දිසානායක මහතා ඔවුන් නිදියන්නේද ආණ්ඩුව දෙන ඇඳක බව ප්‍රකාශ කළේය.

කෑම කන්නේද ආණ්ඩුවේම ගෑරුප්පුවක බව ඔහු පැවසීය. රාජ්‍ය ඇමති වරයෙකුගේ දුරකතන වෙනුවෙන් රුපියල් 40,000ක් පමණ වැය කරන බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.