අනුර ජනපති වන බව නිසැකයි..දිනපු ගමන් සිදු කරන පළමු කාර්යය දැනුම් දෙයි..

Anura Dissanayake Sri Lanka Politician Janatha Vimukthi Peramuna Presidential Update
By Aruna Feb 08, 2024 05:00 AM GMT
Aruna

Aruna

Report

මීළඟ ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා නියත වශයෙන්ම ජනාධිපතිවරයා බවට පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

මේ අනුව දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත් වූ වහාම සිදුකරන පළමු කාර්යයක් වන්නේ පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවයි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු පවතින පාර්ලිමේන්තුව සමඟ වැඩ කිරීමට සූදානම් නැති බවත් බවත් එනිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.

දැනට සියලු සමීක්ෂණ වාර්තා අනුව අනුර දිසානායක මහතා ජනාධිපති වන බව සඳහන් කර ඇති බවද පැවසූ ඒ මහතා රාජ්‍ය බුද්ධි අංශ පවා ඒ පිළිබඳව වාර්තා ලබාදී ඇති බවයි අවධාරණය කළේ.

කළුතරදී ධීවර සමුළුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ ය.

ReeCha