සතර දෙසින් ගිනි ඇවිලෙන අරගල භූමියට අනුර කුමාර ඇතුළු දේශපාලනඥයින් පැමිණේ..! සජිත්ගේ රථ පෙළට ප්‍රහාර..! (VIDEO)

Report

ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබේ.

ඔහු සමග සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී ලාල්කාන්ත, වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එම ස්ථානයට පැමිණ තිබේ. ඒ අරගලකරුවන්ට සහාය පළ කරමිනි.

මේ අතර වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක් ද අදාළ එම ස්ථානයට පැමිණ තිබේ. මේ අතර සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම ස්ථානයට පැමිණ තිබුණි.

එහෙත් ඒ මහතා පැමිණි රථ පෙළට එහි සිටි පිරිසක් පහරදෙන අයුරු දක්නට ලැබුණි. මේ අතර ගාලු මුවදොර අරගල භූමියේ සිදුවෙමින් පවතින කලහකාරී සිදුවීම හේතුවෙන් තුවාල ලැබූ 16 දෙනෙකු මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now