තවත් අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් සොයා ගැනේ..(PHOTOS)

Crime dead body Horowpathana Anuradhapura hospital Nika vava
By Sewvandhi Jan 07, 2022 08:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබේ. පොලිසිය පවසන්නේ අදාළ මළසිරුර හොරොව්පතාන නිකවැව ප්‍රදේශයේ තිබී හමුවී ඇති බවය.

උස අඩි 05යි අඟල් 09ක් පමණ වන මෙම කාන්තාව අවුරුදු 55ත් 60ත් අතර වයයේ පසුවන බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව නිකවැව කැලෑබද ප්‍රදේශයක තිබී මළසිරුර සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇත.

අදාළ කාන්තාව මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

හොරොව්පතාන පොලිසිය මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery