විවාහයකට සහභාගි වූ 50ට ආසන්න පිරිසකට Covid..සෞඛ්‍ය නිලධාරීන්ටත් විවාහය අතරතුර පහර දීලා..
covid19
wedding
Jaffna
Karei Nagar
By Sewvandhi
සෞඛ්‍ය නීතිරීති නොතකා යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයන් 84 දෙනකුගෙන් 46 දෙනකු කොරෝනා රෝගීන් වශයෙන් හඳුනාගෙන තිබෙනවා.
විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට ගිය යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් ඊට සහභාගි වී සිටි පිරිස නිරෝධායනයට ලක්කොට පසුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හමු වී ඇති බව වාර්තා වනවා. .
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගිය සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනකුට මංගල උත්සවයේ සිටි පිරිසක් පහරදීම නිසා තරුණයන් තුන් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් දෙදෙනකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.
-----------------------------------------------------------------
ඩිනක්ෂි ගෙන් කොවිඩ් වැක්සින් එක ගැන වීඩියෝවක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |