ගර්භනී මව්වරුන්ට අවදානම් භයානක තවත් වෛරසයක්
virus
pregnant mothers
Cika
By Sithumi
ඉන්දියාවේ වාර්තා වෙමින් පවතින "සීකා" වෛරස් රෝගය මෙරට ව්‍යාප්තිය වුවහොත් එයින් ගර්භණී මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
මදුරු විශේෂයක් හේතුවෙන් එම වෛරස් රෝගය පැතිර යන බවටත් එය ගැබිනි කාන්තාවන්ට වැලඳීමෙන් ඉපදීමට සිටින දරුවන්ගේ මොළය කුඩා විය හැකි බවටත් වෛද්‍යවරයා අනතුරු අඟවයි.
"සීකා" වෛරස් රෝගය ඩෙංගු තරම් භයානක නොවන බව ද පැවසු වෛද්‍යවරයා, එම රෝගය වැඩි වේගකින් පැතිර යන බව ද පැවසීය.
එමෙන්ම "සීකා" වෛරස් රෝගය මේ වන විට ඉන්දියාවේ පැතිර යමින් තිබීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් හරහා මෙරටට රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |