එන්නතක දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට රජයේ අවධානය..?

covid19 vaccination keheliya rabukwella sputnik v
By Sewvandhi Sep 06, 2021 09:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

“ස්පුට්නික්” කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට “ෆයිසර්” එන්නත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

එම එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාදීම සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ මතය විමසා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.

ඒ අනුව වසංගත රෝග සම්බන්ධ විශේෂඥයින් ඒ පිළිබඳ පිළිබඳව දක්වන නිර්දේශ සැලකිල්ලට ගෙන, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, තවත් “ස්පුට්නික්” එන්නත් මාත්‍රා 50,000ක්, ඇණවුම් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

---------------------------------------------

මැච් එකට කලින් කුමාර ධර්මසේනගෙන් හදිසියේම විශේෂ වීඩියෝවක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now