වේයන්ගොඩ නිධානය නිසා රටේ අනිත් නිධන්වලට කරන්න ගිය වැඩක් මාට්ටුවෙයි..

Report

නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් තම ගෙවත්තේ අනවසරයෙන් කැණීම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු අනවසරයෙන් කැණීමක් කළ බවට වන චෝදනාවට පමණක් වරද පිළිගැනීම නිසා කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඔහුට මුදලින් රුපියල් හැට දහසක දඩයක් නියම කර තිබෙනවා.

මෙසේ දඩ නියම වූයේ කුරුණෑගල පන්ලියද්ද පදිංචි කරුවකුටයි.

හෙට ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කරයි?..කලකට පසු 200 ගානට බසී?..

හෙට ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කරයි?..කලකට පසු 200 ගානට බසී?..


සැකකරු විසින් කැණීම් කර ඇති සින්නක්කර ඔප්පු සහිත ඔහුගේ ඉඩමේ අදාළ භූමිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූයේ අදාළ භූමියේ කැණීමක් කර ඇති බවත් එම භූමිය පුරාවිද්‍යා භූමියක් නොවන බවයි.

එහෙත් අදළ භූමිය කැණීම් කරන්නට ඇත්තේ නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් විය හැකි බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

රජයේ සහ ජාතියේ පිනට නිදන් පහළ වන බවත් එවැනි නිධානයක් රජයේ නිලධාරීන්ගේද මැදිහත්වීමෙන් මේ දිනවල වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේදී ගොඩ ගනිමින් තිබෙන බව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළ බවයි, සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පැවැසුවේ.

විවාහ වන හැමෝටම සතුටුදායක ආරංචියක්..ලක්ෂ ගානක වටිනා දෙයක් නොමිලේ ලැබෙයි..හැබැයි මේ වයස් වල තරුණ තරුණියන්ට පමණයි.

විවාහ වන හැමෝටම සතුටුදායක ආරංචියක්..ලක්ෂ ගානක වටිනා දෙයක් නොමිලේ ලැබෙයි..හැබැයි මේ වයස් වල තරුණ තරුණියන්ට පමණයි.


තමාගේ වාසනාවට හෝ පිනට තම ගෙවත්තට ද නිධානයක් පහළ වන්නට ඇති බවට තම සේවාදායකයාද සිතන්නට ඇති බවත් එලෙස සිතා තම සේවාදායකයාද ගෙවත්තේ කැණීම් කරන්නට ඇති බවත් අවධාරණය කළ නීතිඥ කීර්ති දුනුසිංහ මෙම නීති දැඩිව බලපෑවේ 1998 වකවානුවේ බවත් මේවා දැන් දැන් සරල සිද්ධීන් බවත් පවසා සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් මැල්සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පෙනී සිටියේ ය.

You May Like This Video