හෙට සිට නැවතත් වර්ජනයක්

By Mithu Jun 15, 2025 06:24 AM GMT
Report

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන් මෙම මස 16 දින සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව මහතා පැවසීය.

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

ඒ අනුව උදෑසන 7.30-1.30දක්වා අතරතුර කාලය වැඩ කරන අතර ඉන්පසු කිසිදු සේවයක් නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

සමස්ත විදුහල්පති ශ්‍රේණිධාරීන්ට බලපාන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ කළ සාකච්ඡා ඵල රහිත වූ බැවින් මෙලෙස වෘත්තිය කියාමාර්ගයකට එළැඹීමට සිදුවී ඇති බවද ඒ මහතා පැවසීය. ඒ අනුව වත්මන් විදුහල්පති දීමනාව වැඩි කිරීම හා සෑම ශ්‍රේණිධාරියෙකුටම විදුහල්පති දීමනාව ලබාදීම, දුරකථන දීමනාව ලබාදීම, උසස් කිරීමෙන් පසු මූලික වැටුප් අඩුකරන චක්‍රලේඛය වහා සංශෝධනය කිරීම විදුහල්පති තනතුරු මංකොල්ලය නැවැත්වීම ඇතුළු ගැටලු ගණනාවක් වෙනුවෙන් සාධනීය විසඳුමක් ලැබෙන තුරු මෙසේ වෘත්තිය කියා මාර්ගයකට එළඹෙන බව නිමල් මුදුන් කොටුව මහතා පැවසීය.

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල