තවත් අධිකරණයක් අසල වෙඩිතැබීමක් - කාන්තාවක් හා තවත් පුද්ගලයෙකුට හානි
By Sewvandhi
මීගමුව අධිකරණය අසල සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක්, ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (31) දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අධිකරණයේ නඩුවකට පෙනී සිට යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදුණු කාන්තාව මාර්ගයේ යමින් සිටි අයෙකු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |