සජිත් රත් වෙයි - ඉස්සරහට මොනවා වෙයිද ? (UPDATE)

Nuwara Eliya Sajith Premadasa Samagi Jana Balawegaya Sinhala news
By Hashan May 25, 2025 07:54 AM GMT
Hashan

Hashan

Report

සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර කොට තිබෙනවා.

ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ .

ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ,  නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 

ඇපල් සමාගමෙන් පසු ට්‍රම්ප් සැම්සුන් සමාගමටත් තර්ජනය කරයි

ඇපල් සමාගමෙන් පසු ට්‍රම්ප් සැම්සුන් සමාගමටත් තර්ජනය කරයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේ දි මතුව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක තනතුරින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ වී තිබුණි . මේ වන විට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය උඩු දුවමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරු රැසක් පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කළකිරීමට පත්ව ඇති බවද වාර්තා වේ .

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව ඔවුන්ද ඉදිරියේ දී සිය සංවිධායක ධුර සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි.

අපේක්ෂකයන් වියදම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී

අපේක්ෂකයන් වියදම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී

කෙසේ වෙතත් මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (25) දිනයේ දී පැවසුවේ පක්ෂයේ ඇති නීතිරීති අනුව සියලු දෙනා කටයුතු කළ යුතුව ඇති බවය.  

------------------------------------------------------

සමගිය දෙදරයිද ? ඔන්න තවත් කෙනෙක් ඉල්ලා අස් වෙයි ( 1.18 PM )

සමගි ජන බලවේගයේ හිටපු නගරාධිපතිවරයෙකු සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගෙයේ සම ආසන සංවිධායක හා තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

අද (25) උදෑසන තලවාකැලේ පිහිටි සිය කාර්‍යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා.  එහ දී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

රෝහල්වල වෛද්‍ය උපකරණත් හිඟයිලු

''ආසන සංවිධායකවරයා වශයෙන් මාව විශ්වාස කරලා ඡන්දය ඉල්ලපු පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ට දුන් පොරොන්දු ඉටුකරන්න නායකත්වයෙන් අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලැබෙන්නේ නැත්නම් සහ නායකත්වය සෑම විටම උත්සාහ දරන්නේ මව් පක්ෂයත් එක්ක එකතු වෙලා ඉන්න සුලු පක්ෂවල අරමුණු ඉටු කරන්න විතරයි නම් අපි මේ තනතුරුවල ඉදල වැඩක් නැහැ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මට භාරදීලා තිබුණේ තලවකැලේ ලිදුල නගර කොටගල සහ ආගරපතන පරාදේශීය සභාවේ වගකීම පවරලා එහි බලයලත් නිලධාරි හැටියට පත් කරලා තිබුණා. එවිට නාමයෝජනා පත්‍ර සකස් කරන විට අපි හා ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය නායකයන් සමග එකඟතාවයකට ඇවිල්ලා නාමයෝජනා හැදුවේ ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ ඉල්ලීම පරිදි එම පක්ෂයේ නියෝජිතයින් අපේක්ෂකයන් හැටියට නම් කර අප මව් පක්ෂයේ නියෝජිතයන්ට ප්‍රසාද මන්ත්‍රී ධූර ලැයිස්තුව සඳහා තැන ලබා දෙන බවත් අපට ලැබෙන ප්‍රසාද සාසන සඳහා එම අය නම් කරන බවත් එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරා.

හොඳට ඇතුළට ගිය දුමින්දට මොකද උනේ..රෝහල් යන්නම වෙලා

හොඳට ඇතුළට ගිය දුමින්දට මොකද උනේ..රෝහල් යන්නම වෙලා

පක්ෂ නායකත්වයට ගරු කරලා අපි මේ යෝජනාවට ඒකමතිකව කැමැත්ත දුන්නා නමුත් ඒ අයගේ අපේක්ෂකයන් කොට්ඨාස මට්ටමෙන් පරාජය වූවාට පස්සේ අපට ලැබුණු බෝනස් සාසන ඒ පරාජය වෙච්ච අයට බෙදන්න දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ ඉල්ලීමට නායකත්වයත් කැමැත්ත දීලා තියෙනවා.''


ReeCha