නුවරට එන අයට තවත් දැනුවත් කිරීමක්...දුරකථන අංක දෙකකුත් හඳුන්වා දෙයි
By Hashini
සිරි දළදා වන්දනාව අද 6 වැනි දිනටත් පෙරවරු 11 සිට පැවැත්වෙනවා.
මේ අතර පොලීසිය මඟින් සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම දැනුම් දීමේ දැක්වෙන්නේ දළදා වන්දනාවට පැමිණෙන විට තමා සමඟ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.
යම් හදිසි අවස්ථාවකදී 0812224660 හෝ 0812224661 යන දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙස ද ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති දැන්වීමේ සඳහන් වනවා.