තරුණ තරුණියන්ට සුභ ආරංචියක්..තවත් එන්නත් තොගයක්..?

covid19 vaccine Pfizer sinopharm channa jayasumana
By Sewvandhi Sep 06, 2021 02:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අලුයම 1.45ට දෝහා සිට මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබූ බව යි.

ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේ දී පුද්ගලයින් 58,994 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 25,838 දෙනෙකුට සහ පළමු මාත්‍රාව පුද්ගලයින් 3,136 දෙනෙකුට ලබා දී ඇති බව යි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එසේම, ඊයේ දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 20,284 දෙනෙකුට ලබා දී තිබෙනවා. 

---------------------------------------------------------------

පුද්ගලයෙක් සුපිරි වෙළෙඳ සැලක් තුළ මැරී ඇද වැටුණු බිහිසුණු වීඩියෝව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now