තවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි..එම අසුනට එන්නේ කවුද..?
Kaluthara
Mahindha Samarasinghe
By Sewvandhi
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත බැවින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.
කෙසේ වෙතත්, ඔහුගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට කවුරුන් නම් කරයි ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දැරූ රවිනාථ ආර්යසිංහ ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එය පුරප්පාඩු වී පැවතිනි.
--------------------------------------------------
ජනපතිට ප්‍රබල චෝදනාවක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |