තවත් හිටපු ඇමතියෙකුට ළඟදීම ඇතුලට යන්න වෙයි
සබරගමුව පළාත් සභාවෙ සිදුකළ බව කියන කොටි 7යි ලක්ෂ 16ක වංචාව ගැන සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු ප්‍රබල අමාත්‍යවරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.
ඒ් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් සැකකරැවන්ගේ සාකෂි මත බව සඳහන් වනවා. සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති 77කට අදාළව මෙම වංචාව සිදුව ඇති අතර රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ මහේෂ් පීරිස් මහතා හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු නියෝග කළේ, එම ප්‍රදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු, ලිපිකරුවෙකු, සහ ලේකම්වරයෙකු මේ මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.