දිවයින පුරා විශේෂ වැටලීමක් - මේ විදිහට නැතිව ආයේ පාන් නිෂ්පාදනය නොකරන අයට නීතිය

Report

බේකරි හිමියන්ටත් නීතිමය පියවර නියමිත බරින් යුක්ත නොවන පාන් අලෙවි කිරීම සහ පාන්වල බර හා මිල සටහන් කර ප්‍රදර්ශනය නොකිරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා සිදු කළ මෙහෙයුමේදී වෙළෙඳසල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී බර අඩු පාන් සම්බන්ධ සිදුවීම් 35ක්, බර ප්‍රදර්ශනය නොකළ ස්ථාන 85ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ ස්ථාන 55ක් හඳුනාගෙන ඇත.

ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

බර අඩු පාන් හමුවන අවස්ථාවලදී සිල්ලර වෙළෙන්දාට අමතරව අදාළ පාන් නිෂ්පාදනය කළ බේකරිය දක්වාම විමර්ශන දීර්ඝ කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සැප්තැම්බර් 01 සිට සිදු කරන ලද සමස්ත වැටලීම්වලදී මේ වන විට වෙළෙඳසල් සහ බේකරි 225ක් පරීක්ෂා කර බර අඩු පාන් සම්බන්ධ සිදුවීම් 89ක් වාර්තා කරගෙන ඇත.

සුළු මොහොතකට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිකරණ නියෝගයක්

සුළු මොහොතකට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිකරණ නියෝගයක්

නියමිත බරින් යුතු නොවන පාන් නිෂ්පාදනය කරන ස්ථානවල නිෂ්පාදන ක්‍රියාවලිය වහාම නිවැරදි කිරීමට උපදෙස් දී ඇති අතර, ප්‍රමාණවත් සාක්ෂි සහිතව මහේස්ත්‍‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.