ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 6 දෙනාට ඇප
ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හයදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.
වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ සීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඊයේ (3) පැවති විරෝධතා පාගමන අතරතුර ඔවුන් අත්අඩංගුවට පත්විය.