රාජ්‍ය සේවයට තවත් දහසකට අධික පිරිසකට පත්වීම්
වසර එකහමාරක පුහුණුව සාර්ථකව නිමකළ නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1,056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (04) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මොවුන් දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය. උත්සවය ඇමතූ අමාත්‍යවරයා සඳහන් කළේ, "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" වැඩපිළිවෙළ යටතේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් උදෙසා රජය කැපවී සිටින බවයි.
පසුගිය මාර්තු මාසයේදී 976 දෙනෙකු බඳවාගත් අතර, ඉදිරියේදී ලබාදීමට නියමිත 39 දෙනෙකුගේ පත්වීම් ද සමඟ වසර දෙකක් තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2,071 දෙනෙකු සේවයට එක්වන බව ද ඔහු පැවසීය.
“අපේ සහෝදරවරු හය දෙනෙක් අත්අඩංගුවට අරගෙන,මේක තමයි පරණ ආණ්ඩුත් කළේ” - දුමින්ද නාගමුව ආණ්ඩුවට චෝදනා කරයි
එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරි පහසු කිරීම උදෙසා එළඹෙන දෙසැම්බර් වන විට පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2,900කට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදි ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, වසර කිහිපයක් ඇතුළත ක්ෂේත්‍රයේ සියලු දෙනාටම යතුරුපැදි ලබාදීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.