මුහුදු ප්‍රදේශ සඳහා අවදානම් නිවේදන - හෙට පස්වරු 1.00 දක්වා වලංගු නිවේදනයක්
කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ සඳහා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (04) ප.ව. 05.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පස්වරු 1.00 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිතවැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං පැ.කි.මී. 60-70 ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල සිය කටයුතුවල මෙන් යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.