''මේ ජීවන බර තවදුරටත් දරා ගන්න බැහැ. ඒ නිසා ජඩ බදු බර අඩු කරපල්ලා'' - ජන අරගලය ව්‍යපාරයේ ළහිරු විරසේකර අණ්ඩුවට තදින්ම අමතයි [VIDEO]

Report

“ජඩ බදු හකුලාගනිව්! ජීවන බර පහත දමව්!” යන මැයෙන් ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (03) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. එහිදී අදහස් දැක්වූ ළහිරු වීරසේකර , වත්මන් ආණ්ඩුව විසින් පනවමින් තිබෙන බදු හේතුවෙන් ජනතාවට එල්ල වී ඇති ජීවන බර සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ ළහිරු වීරසේකර

“මේ ජීවන බර තවදුරටත් දරා ගන්න බැහැ. ඒ නිසා ජඩ බදු බර අඩු කරපල්ලා කියන පණිවිඩය NPP ආණ්ඩුවට දෙන්න අපි ආවේ. ජනාධිපති පරණ කතාවලටත් වඩා අප්සට් කතා කිය කිය රට වටේ යනවා. මහා භාණ්ඩාගාරය උතුරනවලු, විදේශ සංචිත වැඩි වෙලාලු. බිත්තරයට රුපියල් 11ක බද්දක්, කුකුල් මස් කිලෝ එකකට රුපියල් 310ක බද්දක්, හල්මැස්සෝ කිලෝ එකකට රුපියල් 100ක බද්දක් ගහලා තියෙන්නේ. කාන්තා සනීපාරක්ෂක තුවාවලට 20%කට වැඩි බද්දක් ගහලා තියෙන්නේ. රුපියල් 150කට ආසන්න බද්දක් ඩීසල් ලීටරයකටයි, පෙට්‍රල් ලීටරයකටයි ඔබ ගෙවනවා. අපෙන් රුපියල් 150ක විතර බද්දක් අරගෙන රුපියල් පනහක් මහා භාණ්ඩාගාරයෙන් දැම්මාලු. කිව්වේ මොකක්ද? වී මිල වැඩි කරද්දී වී මිල වැඩි කරනවා, ආණ්ඩුවේ ගබඩා හදනවා කිව්වා. අන්න සහන දෙනවා, ගොවියට බම්බු ගහන්න කියලා ඩඩ්ලි සිරිසේනලට.”

ශිරන්ති සොයා රනිල් සිංගප්පූරු යන කතාව දේශපාලන වේදිකාවේ උණුසුම් වෙයි

ශිරන්ති සොයා රනිල් සිංගප්පූරු යන කතාව දේශපාලන වේදිකාවේ උණුසුම් වෙයි

මධ්‍යම කඳුකරයට තද වැසි ඇදහැලෙයි - රියදුරන්ට සැලකිලිමත් වන්නැයි විශේෂ ඉල්ලීමක්

මධ්‍යම කඳුකරයට තද වැසි ඇදහැලෙයි - රියදුරන්ට සැලකිලිමත් වන්නැයි විශේෂ ඉල්ලීමක්