අනෝජන් බේර ගන්න ශ්‍රී ලංකාවෙන් දූත පිරිසක් අරාබියට

Report

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම උදෙසා එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකිරීමේ නීතිමය කටයුතු සොයා බැලීමට ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් එළඹෙන අඟහරුවාදා සෞදි අරාබියාව බලා පිටත්ව යාමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සංචාරයට එක්වෙති.

ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

ෆේස්බුක් සටහනක කමෙන්ටුවක් මාර්ගයෙන් ආගමික අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් සෞදි අරාබි අභියාචනාධිකරණය විසින් ඔහුට මෙලෙස මරණ දඬුවම නියම කර තිබේ.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිමය ඉඩකඩ පවතින අතර, සෞදි අරාබියේ නීතීඥවරුන් සමඟ සාකච්ඡා කර අදාළ පෙත්සම නිසි පරිදි යොමු කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික්ක 5කට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට - නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන

දිස්ත්‍රික්ක 5කට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට - නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන

අදාළ දඬුවම ලිහිල් කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ද දැනටමත් මැදිහත්වීම් සිදුකරමින් පවතින බව රජය පවසයි.