කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් - මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ නිවේදන්‍යක්
කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු තීරය සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (04) පස්වරු 05.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (05) පස්වරු 01.00 දක්වා වලංගු වේ. අදාළ මුහුදු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී හෝ දහවල් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එම අවස්ථාවලදී තාවකාලිකව පැයට කිලෝමීටර 60-70 දක්වා වන තද සුළං ඇති විය හැකිය.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බැවින්, එම මුහුදු තීරයේ කටයුතුවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ සවිඥානිකව සහ අවධානයෙන් කටයුතු කරන ලෙසයි.