කිම් ජොං උන් මිසයිලයක් එල්ල කරයි - ලෝකයම භීතියට
විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, උතුරු කොරියාව සිය නායක කිම් ජොං උන්ගේ සෘජු අධීක්ෂණය යටතේ නව මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සොහොයුරිය වන කිම් යෝ ජොං ප්‍රකාශ කළේ, ඔවුන් මධ්‍යම දුර විහිදෙන උපායමාර්ගික මිසයිලයක් අත්හදා බැලූ බවයි.
උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළ තීරයේ සිට බැලස්ටික් මිසයිලයක් දියත් කළ බව දකුණු කොරියානු හමුදාව වාර්තා කළේය.
එම මිසයිලය මුහුද දෙසට කිලෝමීටර් 700කට අධික දුරක් ගමන් කළේය. කිම් යෝ ජොං පැවසුවේ කිම් ජොං උන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ ප්‍රහාරක ඒකකයක් මගින් මෙම මිසයිලය දියත් කළ බවයි.
මිසයිලයේ ගමන් මාර්ගය සහ වේගය හේතුවෙන් දකුණු කොරියාවට සහ ජපානයට එය ලුහුබැඳීම අපහසු වූ බව ඇය කියා සිටියාය. එසේම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් අඩු උන්නතාංශයකදී සිය ගමන් මාර්ගය වෙනස් කිරීමට එම මිසයිලයට හැකියාව තිබූ බව ද ඇය පැවසුවාය.
උතුරු කොරියානු වාර්තා සඳහන් කළේ, එම මිසයිලය කිලෝමීටර් 1,000ක් පමණ දුරින් පිහිටි නැගෙනහිර මුහුදේ (East Sea) ඉලක්කයකට සාර්ථකව පහර දුන් බවයි.