Covid කමිටුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ඉවතට…?

covid19 vaccination covid committee rukshan Bellana
By Sewvandhi Sep 11, 2021 09:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දරන තවත් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ඉදිරි දිනවලදී ඉවත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොසලකා දේශපාලන තීන්දු තීරණ ගැනීම නිසා දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු වෘත්තීය ගරුත්වය රැක ගැන එම කමිටුවෙන් ඉවත් වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද එම සංගමයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

වෛද්‍ය උපදෙස් අනුව නිවැරදි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කලේ නම් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දස ගුණයකින් අඩු කර ගැනීමට හැකියාව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි. විශේෂඥ උපදෙස් නොසලකා දේශපාලන උවමනාව මත තීරණ ගැනීම මත කමිටුවේ වැඩි සාමාජික පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

-----------------------------------------------------

මේ වයස් කාණ්ඩ වලට සුදුසු මේ එන්නත - GMOA පැහැදිලි කිරීම-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now