කොරෝනා කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉල්ලා අස්වේ.. විනාශයට වගකියන්න බෑලු..

By Sewvandhi Sep 06, 2021 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මාධ්‍ය නාලිකාවක් වෙත සඳහන් කර ඇත්තේ කොරෝනා මර්දනයට රජයේ ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නැති බැවින් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිය නොහැකි නිසා මෙම තීරණය ගත් බවයි.

රට වසා දැමීමේ තීරණයක් එන්නත්කරන ක්‍රියාවලියක් තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නොකළ ඒවා බවත් එනිසා ඒනා ප්‍රතිඵල රහිත බවත් ඔහු සඳහන් කර තිබේ.

ඇතිව තිබෙන තත්ත්වය මත තවදුරටත් කොරෝනා මර්ධන හා පාලනය කිරීමේ තාක්ෂණ කමිටුවේ රැඳී සිටීමේ කිසිදු ප්‍රතිඵලයක් නැතැයි තමන්ට හැඟෙන්නේ යයිද සඳහන් කර ඇති ඔහු අනාගතයේ සිදු විනාශයන්ට තමන්ට කොටස්කරුවකු විය නොහැකි බවද සඳහන් කර තිබේ.

දැනටමත් තම තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු තවදුරටත් පවසා තිබේ.

------------------------------------------------

පුද්ගලයෙක් සුපිරි වෙළෙඳ සැලක් තුළ මැරී ඇද වැටුණු බිහිසුණු වීඩියෝව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now