ඉන්දියාවට තවත් පහරක් ද? චීනය සතුටින්... ශ්‍රි ලංකාවේ දුපත් 3ක චීන ව්‍යපෘති...?
India
China
By Thaya
බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. ශ‍්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි. පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.
ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි. කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියට චීන සමාගම හවුල් වී ඇත්තේ නිසි පරිදි සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටතේ ටෙන්ඩර් කැඳවීමකින් පසුවයි.