අදත් අනතුරක් - කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළේ
By Hashini
අද අලුයම හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ , මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ පහලින් වූ තේ වත්තකට පෙරලී තිබෙනවා.
හැටන් පොලිසිය පවසන්නේ කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙන බවයි.
මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් ප්‍රදේශයෙන් මිලදී ගත් අලිගැටපේර අලෙවි කිරීම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් සිටින අතරතුරයි.
කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි රථය තුල සිව් දෙනෙක් ගමන් කර තිබෙන බවයි පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.