රදැල්ල බස් රථ අනතුර සිදු වූ ස්ථානයේම තවත් අනතුරක්. (PHOTOS)

Accident
By Wayomi Feb 15, 2023 08:17 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (14) දින රාත්‍රි 7.30ට පමණ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ තවත් රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඒ, නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ සිට තලවකැලේ ප්‍රදේශය දක්වා “අධික වේගයෙන් ධාවනය වූ” ත්‍රිරෝද රථයක් රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන්.

ඉන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියැදුරා සහ මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරත් සිදුව ඇත්තේ, බස් රථ අනතුර සිදු වූ ස්ථානයේදියි.

කාර්බර්ග් වතු යායේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ජලය ගලා බසින කාණුවක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW



GalleryGalleryGallery