මෙරටින් තවත් Omicron ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගැනේ

Covid19 Jayawardhanapura university Chandima Jeewandhara Omicron
By Sewvandhi Jan 15, 2022 07:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් තවත් ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා. 

 ඔහු පැවසුවේ ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය වෙත යොමු කළ පටල සාම්පල 182ක ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බවයි.

මීට අදාළ වාර්තාව මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now