සිවරාසා අනෝජන්ට සිරකුටිය තුළ ප්‍රහාර - තියුණු පිහියක් හෝ ආයුධයක් භාවිතා වුණාද? ඇමති විජිත හෙළි කල සත්‍ය මෙන්න

Report

අද දින (07) පාර්ලිමේන්තු සභාව රැස් වූ අවස්ථාවේදී , මේ වනවිට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් ගැන ප්‍රශ්ණ කිහිපයක් නැගී ඇත.

ඒ මේ දිනවල ව්‍යාප්ත වන සිවරාසා අනෝජන්ට සිරකුටිය තුළ ප්‍රහාර එල්ල වූ බව කියන පුවත් සම්බන්ධයෙන්ය. එම අසත්‍ය පුවත් මගින් අනොජන්ගේ හිසට පිහියකින් ප්‍රහාර එල්ල වී ඇති බවත් ඔහුගේ හිසට දරුණු තුවාල සිදුව ඇති බවත් වාර්තා කර ඇත.

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

මේ පිළිබඳව පැහැදිලි කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ පිළිබඳව පැහැදිලි කර සිටියේය.

ඔහු පවසා සිටියේ,

"මේ වනවිට ශ්‍රී ලංකා තානාපතිවරුන් සිවරාසා අනෝජන් මහතා රඳවා සිටින දමාම් බන්ධනාගාරය වෙත දෙවරක්ම ගොස් ඇත. ඔහු පිළිබඳව විමසීමට ඊයේ (6) බන්ධනාගාරය වෙත ගිය අතර එහිදී නිලධාරීන් විසින් බන්ධනාගාර ප්‍රධානියා හමු වූ අතර රැඳවියන්ගේ සෞඛ්‍ය පිළිබඳව වගකීම දරන වෛද්‍යවරයාද හමුවී ඇත.

බන්ධනාගාර නිලධාරීන් ලබාදුන් තොරතුරු වලට අනුව අනොජන් හා ඔහු සමඟ එකම සිර මැදිරියේ රඳවා සිටි රැඳවියකු අතර බහින්බස් වීමක් සිදුව ඇති බවත් එය පසුව ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.එම සිද්ධිය අතරතුරු අනෝජන් මහතාට මුහුණේ සීරීම් තුවාල නියපොතු පහරවල් සිදුව ඇත.

මෙම ප්‍රහාරයට තියුණු පිහියක් හෝ උපකරණයක් හෝ වෙනත් කිසිඳු ආයුධයක් භාවිතා කර නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණ වලට අනුව එම තුවාල අනෙකුත් රැඳවියාගේ නියපොතු නිසා සිදු වූ බවත් බන්ධනාගාර වෛද්‍ය නිලධාරියා දැනුම් දී ඇත.බන්ධනාගාර නිලධාරින් විසින් තානාපති කාර්යාල නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ සිවරාසා අනෝජන්ගේ ජීවිතයට කිසිඳු හඳුනාගත් තර්ජනයක් නොමැති බවයි.

එමෙන්ම ඔහුගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් සහතික වී ඇත. එමෙන්ම මේ වනවිට ඔහුව වෙනත් සිර මැදිරියකට මාරු කර ඇත. වැඩිදුරටත් ඔහු නීතිමය කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශ විසින් වලට අදාළ ඉදිරි තොරතුරු ඔහුගේ ඥාතීන්ට දැනුම්දෙනු ඇත. වැඩිදුරටත් මෙම කාරණාව පිළිබඳව සංවේදීව හා මානුෂීයව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි"