පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
2025.05.06 දින පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන්, 2025.05.06 සහ 2025.05.07 යන දිනවල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවන බවය.
මේ හේතුවෙන් එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දී තිබේ.