ඈ... හෙටයි අනිද්දයි පත්තරවල සිරස්තල විතරයි-මොකක්ද ඒ කතාව..

Report

මෙවර ජනාධිපතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන් කෙරුණා.

ඒ අනුව ඊයේ දවස පුරාම ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන අවසන් දේශපාලන මැතිවරණ රැලි දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

ඔන්න එහෙනම් එයත් කසාදයක් කරගෙන ..(VIDEO/PHOTOS)

ඔන්න එහෙනම් එයත් කසාදයක් කරගෙන ..(VIDEO/PHOTOS)

කෙසේ වෙතත් ඊයේ මැදියම් රැය වන විට දිවයින පුරා පැවති සියලු දේශපාලන ප්‍රචාරණ රැලි අවසන් කෙරුණු අතර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියේ අද (19) දිනය වන විට දිවයින පුරා ඇති සෑම මැතිවරණ ප්‍රාදේශීය අපේක්ෂක කාර්යාල ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ඊයේ දිනය වන විට මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය සහ පොලිසියේ මැදිහත් වීම් මත අපේක්ෂකයින් ප්‍රවර්ධනය කෙරෙන පෝස්ටර්ස්, තේමා පට සියල්ලම ඉවත් කෙරුණා.

අපිට අපහු එයා ඉන්න අලුත් චිත්‍රපටයක් බලන්න හම්බවෙන එකක් නෑ..

අපිට අපහු එයා ඉන්න අලුත් චිත්‍රපටයක් බලන්න හම්බවෙන එකක් නෑ..

එබැවින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු අද සහ හෙට (20) යන දෙදින මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කළ නිහඬ කාල සීමාවක් පවතින බවයි කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූයේ ජූලි මස 28 වැනි දින ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ දින සිටයි.

අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

මේ අතර ඊයේ දිනයේ පැවති අවසන් ජන රැලි සම්බන්ධයෙන් වන පුවත් අද දිනයේ දී සෑම විද්‍යුත්, ඩිජිටල් මාධ්‍ය නාලිකාවක් ම එක් ප්‍රවෘත්ති විකාශයක පමණක් විකාශය කළ යුතු අතර, අද දිනයේ දී පළවන ප්‍රවෘත්ති පත්‍රවල ඡායාරූප හා රැස්වීම් වාර්තාව පල කිරීමට මුද්‍රිත මාධ්‍ය හිමියන් කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර සිටින්නේ.

එමෙන්ම සෑම අපේක්ෂකයෙකුටම එහිදී සමාන කාල සීමාවක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලත් සමාජ මාධ්‍යවල ද ලබාදිය යුතු බවත් සඳහන්.

මෙහෙම කතාවක් නම් කිසිම බිරිදකට කවදාවත්ම අහන්න ලැබෙන්න එපා...

මෙහෙම කතාවක් නම් කිසිම බිරිදකට කවදාවත්ම අහන්න ලැබෙන්න එපා...

දවසේ පුවත්පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ දී දෛනික පුවත්වල සිරස්තල පමණක් ඉදිරිපත් කළ යුතු අතර; කිසිදු දේශපාලන මතයක්, අදහසක් ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතු බවත් එසේ කළහොත් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිය නීතිරීති යටතේ ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඈ... හෙටයි අනිද්දයි පත්තරවල සිරස්තල විතරයි-මොකක්ද ඒ කතාව.. | Announcement Of The Election Commission