අපිට අපහු එයා ඉන්න අලුත් චිත්‍රපටයක් බලන්න හම්බවෙන එකක් නෑ..

Rajinikanth Shah Rukh Khan India Thalapathy Vijay Makkal Iyakkham World
By Piyumika Sep 18, 2024 04:24 AM GMT
Piyumika

Piyumika

Report

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජෙගේ 69 වන චිත්‍රපටය පිළිබඳව පසුගියද‍ා නිවේදනය කරනු ලැබුවා. මෙම චිත්‍රපටය සඳහා රුපියල් කෝටි 275ක(ශ්‍රී ලංකා රුපියල් කෝටි 990 ක් පමණ) අතිවිශාල මුදලක් ලබා ඔහුට ලබා දෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් මගින් බලපෑම් කරලා..

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් මගින් බලපෑම් කරලා..

ඒ ශාරුක් ඛාන් සහ රජිනිකාන්ට්ගේ ඉපැයීම්ද අභිබවා යමින් විජය ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නළුවා බවට පත් කරමින්.

ශාරුක් එක් ච්ත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 250 ක වැටුපක් ලබාගෙන තිබුණු අතර රජිනිකාන්ත් එක් චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 220 ක වැටුපක් ලබා ගනිමින් මීට පෙර එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවුනා.

ඔන්න එහෙනම් එයත් විවහා වෙලා..(VIDEO/PHOTOS)

ඔන්න එහෙනම් එයත් විවහා වෙලා..(VIDEO/PHOTOS)

තවද සුපිරි හොලිවුඩ් නළු Robert Downey Jr, Endgame චිත්‍රපටය සඳහා ලබාගත් වැටුපද ඔහු අභිබවා ගොස් තිබෙනවා.

මෙම චිත්‍රපටයේ විශේෂත්වය නම් විජයගේ සිනමා දිවියේ අවසන් චිත්‍රපටය වන අතර ඔහු ඉන්පසු පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවනු ඇති බවයි සඳහන් වන්නේ.

බලන්නකෝ පාසලකට කරලා තියන දෙයක්..

බලන්නකෝ පාසලකට කරලා තියන දෙයක්..

 තලපති විජේගේ මෙම චිත්‍රපටය KVN Productions විසින් නිෂ්පාදනය කරන අතර H Vinoth ගේ අධ්‍යක්ෂණය සහ Anirudh Ravichander ගේ සංගීතයෙන් හැඩ වෙනවා. මෙම චිත්‍රපටය 2025 ඔක්තෝම්බර් මාසයේදී දෙමළ, තෙළිඟු සහ හින්දි යන භාෂාවලින් සිනමාහල් වෙත පැමිණීමට නියමිතයි.