සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Report

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.   

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ඉන්දියානු සමාගමක් විසින් එරට දී නිෂ්පාදනය කරන ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සඳහා මෙරට ලියාපදිංචිය ලබා දී ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර ඖෂධයේ ගුණාත්මකභාවය, සුරක්ෂිතභාවය පිළිබඳ සායනිකව සහ ඖෂධීය තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ඊට අදාළ ලියාපදිංචිය ලබා දී ඇති බවයි.

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

කෙසේ වෙතත් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබද ගැටලුකාරී තත්වයක් පෙනී ගිය බැවින් ආරක්ෂාව හා අවධානම් ඇගයීම් උප කමිටුව මඟින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී ඇති බව ද එම නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දෙයි.

නමුත් පසුව මෙරට සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුක්ත බවය.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

එමෙන්ම ඉන්දියාවේ මධ්‍යම තත්ත්ව පාලන ආයතනය මඟින් එම ඖෂධය පිළිබඳ කරන ලද තත්ත්ව පර්යේෂණවලින් ද මේ බව තහවුරු වී ඇති බව නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබෙන්නේ එම වාර්තා සලකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුව මඟින් එම ඖෂධය තවදුරටත් භාවිතා කළ හැකි බවට තීරණය කර ඇති අතර ඒ බව වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇති බවයි.   

ඒ අනුව අදාළ ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන අතර එම ඖෂධය නැවත භාවිතා කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. 

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක