වහාම ක්‍රියාත්මක වන පරිදි ට්‍රම්ප්ගෙන් ලංකාවට විශාල බද්දක් - නව බදු ප්‍රතිශතයන් මෙන්න
අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමඟ, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 12.5%ක ඉහළ බදු ප්‍රතිශතයක් පනවා ඇත.
මෙම නව බදු පැනවීමට මූලිකම හේතුව වී ඇත්තේ අදාළ රටවල් තුළ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් එම රටවල් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය බව විදේශ වාර්තා සඳහන් කරයි.