මට්ටක්කුලියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට - තවත් තොරතුරු රැසක් එළියට
වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවකට මෝටර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.