ඉතිහාසය වෙනස් කරමින් මිරිදිය මාළු මිලත් විශාල අගයකින් ඉහළට - වාර්තාවෙන නව අගයන් මෙන්න

Report

සිල්ලර වෙළඳපොළේ මිරිදිය මාළු කිලෝවක මිල රුපියල් දෙසියයකින් ඉහළ දමා ඇති බව පාරිභෝගිකයෝ පවසති.

මුහුදු මාළු මිල ඉහළ යාමට සමගාමීව වැව් මාළු තොග සපයන්නන් සහ සිල්ලර වෙළෙන්දන් මෙලෙස මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව මීට පෙර රුපියල් 600ත් 700ත් අතර තොග මිලකට අලෙවි වූ තිලාපියා වර්ගයේ මාළු කිලෝවක තොග මිල රුපියල් 900 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි සිල්ලර මිල රුපියල් 1200 දක්වා ඉහළ නංවා ඇත.

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

එමෙන්ම මීට පෙර රුපියල් 350ත් 400ත් අතර තොග මිලකට අලෙවි කළ කාප් වර්ගයේ මාළු කිලෝවක තොග මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිල්ලර වෙළෙන්දන් විසින් එහි කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ නංවා තිබේ.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම සහ පිටාර ගැලීම් හේතුවෙන් මිරිදිය මත්ස්‍ය වගාවන්ට මෙන්ම වැව් සම්පතට සිදුවූ හානිය විවෘත වෙළඳපොළේ මිරිදිය මත්ස්‍ය මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ට්‍රම්ප්ගෙන් ලංකාවට විශාල බද්දක් - නව බදු ප්‍රතිශතයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ට්‍රම්ප්ගෙන් ලංකාවට විශාල බද්දක් - නව බදු ප්‍රතිශතයන් මෙන්න