සෑම දේකටම විසඳුම බදු වැඩි කිරීම නොවේ - සජිත් ප්‍රේමදාස
By Parami Dissanayake
අද (29) ගම්පහ අත්තනගල්ල නිට්ටඹුව කිත්තම්මහර මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, ඕනෑම ගැටලුවකට රජයේ විසඳුම වී ඇත්තේ බදු වැඩි කිරීම බවයි.
රජය IMF සමග ඇති කර ගත් ගිවිසුමට අනුව 2028 සිට යළි ණය ගෙවිමට සිදුවන බවත් 2033 සිට ගෙවීමට තිබූ ණය රජයේ නොහැකියාව නිසා 2028 සිට ගෙවීමට සිදුව ඇති බවත් ඔහු එහි දී පැවසී ය.