තේ මිලත් ඉහළට..? තේ අලෙවි මණ්ඩලයෙන් නිවේදනයක්.
තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව තේ අලෙවි මණ්ඩලය පවසයි. ආනයනික තේ මෙරට තේ සමග මිශ්‍රකර ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා ඒ බව ප්‍රකාශ කර ඇත.
මෙරට තේ නිෂ්පාදනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් සාම්ප්‍රදායික කළු තේවලින් නිෂ්පාදනය කරන බව ඔහු සඳහන් කළේය. මෙරට තේ නිෂ්පාදනය පසුගිය වසර 05ක කාලය තුළ සාමාන්‍යය ලෙස කැපී පෙනෙන ඉහළයාමක් සිදුව ඇති බව ද ජයම්පති මොල්ලිගොඩ පෙන්වා දුනි.
80 දශකයේ සිට මෙරටට තේ ආනයනය කර අගයක් එකතුකර ප්‍රතිඅපනයනය සඳහා අවසර ලබාදී තිබුණි. එහෙත් එහිදී ආනයනය සඳහා අවසර ලබාදී ඇත්තේ විශේෂිත වූ කාණ්ඩවලට අයත් තේ සඳහා පමණක් බව තේ අලෙවි මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා සඳහන් කළේය.
මේ අතර,නුවරඑලියේ එලවළු වගා කරන ඇතැම් ගොවින්ගේ එලවළු ඵලදාව මෙම කන්නයේදි සාර්ථක නොවු නිසා එම අස්වැන්න කපා ඉවත් කර කොමිපොස්ට් පොහොර නිෂ්පාදනය සදහා යොදා ගන්නා බව එම ගොවින් කියා සිටියි.
මෙම කන්නයේදි තමන් ලික්ස්, ගෝවා, කැරට්,සලාද වගා කල බවත්, එම වගාව සදහා රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා නොකල නිසා තම අස්වැන්නේ පැහැය සහ ඵලදාව අඩුවි ඇති නිසා එම එලවළු වලට වෙලදපොලේ මිලක් නොමැති බවයි එම ගොවින් කියා සිටින්නේ.
නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් සුළු පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින්ට නිසි ලෙස රසායනික පොහොර ලබා නොදෙන බවත්, තම වගාව එක වරම කාබනික පොහොර භාවිතයට හුරු කල නොහැකි බවයි එම ගොවින් කියා සිටින්නේ.
පවත්නා තත්ත්වය මත නුවරඑලියේ වගා කරන එලවළු සදහා ඉහල ඉල්ලුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ නුවරඑලිය එලවළු වගා ගොවින්ගේ අනාගතය දැඩි අවධානමක පවතින බව නුවරඑලියේ එලවළු වගා අස්වැන්න අඩු වු ගොවින් කියා සිටියි.
නුවරඑලිය එලවළු වගා කරන ගොවින්ට කොම්පොස්ට් පොහොර භාවිතයට හුරුවන තෙක් රසායනික පොහොර සහ කෘමිනාශක ලබාදෙන ලෙස ගොවින් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |