රට වහන්න එපා..PHI සංගමය කියයි..හේතුව මෙන්න..

covid19 Upul Rohana PHI lock down vaccination
By Sewvandhi Sep 11, 2021 04:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවය.

“අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීම සහ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණේ. අනවශ්‍ය ලෙස වාහන සහ මහජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරනවා. ඒ නිසා තව කොතරම් දුරට දීර්ඝකළත් අපි පවත්වාගෙන යන්නේ මේ ආකාරයට නම්, මෙවැනි ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙනවා නම්, අපි නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන සේ කටයුතු කරනවා නම් සහ බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු කරමින් මෙවැනි දේ වෙන්න ඉඩ අරිනවානම්.

ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ අරිනවානම්. මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බලපත්‍ර ලබාදීමක් සිද්ධ වෙනවා. ඒ බලපත්‍ර ලබාදීමට අමතරව නොයෙකුත් පාර්ශව නම්කරලා තිබෙනවා ගමන් කිරීම සඳහා මේ පාර්ශව අතර කිසිදු අත්‍යවශ්‍ය නොවන පාර්ශව විශේෂයෙන් එකම ආහාර අලෙවිකිරීම සඳහා විශාල සංඛ්‍යාවක් මාර්ගයේ ගමන්කරනවා. ප්‍රවාහනය කිරීම සඳහා විශාල සංඛ්‍යාවක් ගමන් කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය ලෙස මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා නිසි ආකාරව පරික්ෂාකරලා දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා අපි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරනවා.“ 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now