ලෝකයම පුදුම කළ ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා.. පන්දුවාර 5කදී ලකුණු 0කට විකට් 09ක් දවාගත් හැටි මෙන්න.(PHOTOS)

By Aruna Nov 25, 2024 05:30 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වනු ලැබූ, වයස අවුරුදු 13 පහළ 2024 පාසල් ක්‍රිකට් තරගාවලියේදී මිහින්තලේ මහ විදුහලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අංජන අබේකෝන් සිසුවා පන්දු යැවීමේදී පන්දු වාර 5 යවා, ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ ලබා නොදී ලකුණු 0 කට කඩුලු 09ක් ලබා ගැනීමට සමත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.

පන්දු යැවීම, පන්දු රැකීම සහ පිත්තෙන් පහර දීමට දස්කම් දක්වන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මෙම සිසුවා පන්දුවට පහරදීමේදී පළමු ඉණිමේදී ලකුණු 69ක්ද ලබා ගෙන ඇත.

2024, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පැවැත් වූ 13න් පහළ පාසල් ත්‍රිකට් තරගාවලියට මිහින්තලේ මහා විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වෙමින් නොච්චියාගම විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව මෙම සුවිශේෂී දක්ෂතාවය දක්වා තිබීම ද විශේෂත්වයක්.

පිරිමින් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන රූමත් වෛද්‍යවරියක් බෙහත් ගන්න ආපු තරුණයෙක් සමඟ කරපු දෙයක්..

පිරිමින් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන රූමත් වෛද්‍යවරියක් බෙහත් ගන්න ආපු තරුණයෙක් සමඟ කරපු දෙයක්..


මෙහිදී අදහස් දැක්වූ මිහින්තලේ මහා විද්‍යාලයේ හත් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අංජන අබේකෝන් සිසුවා මෙසේ ප්‍රකාශ කළා.

“මම මේ තරගයේදී ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා නොදී නිලකුණු පන්දු වාර පහක් තුළ කඩුලු 9ක් ලබා ගත්තා. මට මේ දක්ෂතාවය දක්වන්න මූලික වුණේ බුද්ධික සර් සහ ජනිත සර්, ඒ සර්ල දෙන්න අපිට හැමදාම අව්ව, වැස්ස නොබලා පුහුණු වීම් කටයුතු සිදු කරනවා.

ඒකෙන් තමයි මට මේ දක්ෂතාවය දක්වන්න පුළුවන් වුණේ. අපි දැඩි අපහසුතාවය මධ්‍යයේ තමයි පුහුණුවීම් කරලා මේ ආකාරයෙන් මැච් දිනන්නේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිහින්තලේ මහා විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා වන බුද්ධික කුලගේ මහතා..

“මේ තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පැවැත්වූ වයස අවුරුදු දහතුනෙන් පහළ 2024 ක්‍රිකට් තරගාවලිය පළමු තරගයෙන් තමයි අංජන සිසුවා මෙම දක්ෂතාවය දැක්වූයේ.

පළමු ඉනිමේදී පන්දු යවා ප්‍රතිවාදීන් ගේ කඩුලු පහක් දවා ගෙන එම ඉනිමේදී මෙම සිසුවා පන්දුවට පහරදී ලකුණු 69ක් රැස් කළා.

දෙවෙනි ඉනිමේදී පන්දු වාර පහයි පන්දු තුනක් යවා, නිලකුණු ඕවර 5ක් සමගින් කඩුලු 9ක් දවා ගත්තා.

මේ දරුවා බොහෝ අපහසුතාවයන් මධ්‍යයේ තමයි මේ තරගයට සහභාගි වෙන්නේ.

ගෑස් සම්බන්ධයෙන් ජනතාවට සුබ ආරංචියක්..ගෑස් සමාගම එකවරම ගත් තීරණය මෙන්න.

ගෑස් සම්බන්ධයෙන් ජනතාවට සුබ ආරංචියක්..ගෑස් සමාගම එකවරම ගත් තීරණය මෙන්න.


මේ දරුවන්ට මනා පුහුණුවක් ලබා දීලා, මේ දරුවන්ට නිසි මාර්ගය පෙන්නලා දුන්නොත් අනිවාර්යයෙන් රටක් බබළවන ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වෙනවා නොඅනුමානයි.

තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන මෙවැනි ක්‍රීඩකයන් ගම්බද පාසල්වලට සිටින බව පෙන්වීමට මෙය හොඳම උදාහරණයක්, ගම්බද සිටින දක්ෂතා ඇති දරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට රැගෙන යෑමේ වැඩපිළිවෙළක් සකසනවා නම් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන සුබදායී වනවා.”

පිළිගත් පාසල් ක්‍රිකට් තරගයකදී 13 පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් පන්දු යැවීමේදී ලබා ගත් ඉහළම දක්ෂතාවයක් බවයි සඳහන් වන්නේ.

You May Like This Video


GalleryGalleryGallery