ගෑස් සම්බන්ධයෙන් ජනතාවට සුබ ආරංචියක්..ගෑස් සමාගම එකවරම ගත් තීරණය මෙන්න.
LAUGFS Gas PLC
Liquefied Petroleum Gas
Laugfs Gas Price
Businessman
AKD
By Aruna
මාස කිහිපයක් පුරා පැවැති ලාෆ් ගෑස් හිඟය ඊයේ (24) දිනයේ සිට අවසන් වු බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
ලාෆ් ගෑස් සමාගම ප්රකාශ කරන්නේ, ගෑස් නොමැති වීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටි අතර, ගල්ෆ් යුද වාතාවරණය හේතුවෙන් ගෑස් පැටවීමේ ප්රමාදයක් ද සිදු වූ බවය.
ලාෆ් ගෑස් සමාගමේ සභපති ඩබ්ලිව්.කේ එච්. වෑගපිටිය මහතා පවසන්නේ, ගෑස් පැටවු නෞකාව හම්බන්තොට වරායට ඊයේ (24 ) දිනයේ ළඟාවූ අතර බෙදා හැරීමේ කටයුතු අද සිට (25) ආරම්භ කරන බවයි.
තවද ගෑස් ඉල්ලුමට සරිලන පරිදි හිඟයකින් තොරව දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයුම අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අදාළ නිලධාරින් දැනුවත් කර ඇත.
You May Like This Video