“පරණ දේවල් මතක් වෙනකොට ජීවිතේ දුකයි. අතිතය ගැන මම හිතන් නැහැ.” – අනර්කලී ආකර්ෂා (VIDEO/PHOTOS)

sl gossip Sri lanka gossip sri lankan hot modles Anarkali akarsha hot photo shout
By Sithumi Sep 04, 2021 04:12 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කලා ලෝකය තුළ කලක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක් තමයි අනර්කලී ආකර්ෂා ජයතිලක කියලා කියන්නේ.


එලෙස කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇයව අපට පසුකාලීනව දේශපාලන කටයුතුවල නිරතවන චරිතයක් ලෙසත් දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම ඇය වර්තමානය විට ලංකාවේ පමණක් නොව විදේශ රටවල් වලින් පවා බොහෝ ප්‍රතිචාර ලබන තාරකාවක් බවට පත්ව තිබෙනවා. 

කොහොමහරි ඉතින් 2004 වර්ෂයේ දී ලෝක රෑ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව ලෙස කිරුළු පලදින්නේද ඇයයි. කොහොම නමුත් ඇගේ රංගන දිවිය මුලින්ම ආරම්භ වන්නේ 1995 වසරේදීයි. ඒ සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිශ්පාදනය කරනු ලැබු “ඉටි පහන්” කියන ටෙලි නාට්‍යය හරහායි.

පසුකාලීනව සිනමා චිත්‍රපට සදහා සිය රංගන දායකත්වය දක්වන ඇය 2003 වසරේදී “පිස්සු ට්‍රිබල්” චිත්‍රපටය ඔස්සේ අපට දැකගන්නට ලැබෙනවා. ඇත්තෙන්ම එලෙස මෙම චිත්‍රපටයට සිය රංගන දායකත්වය දක්වපු ඇය ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ජනප්‍රියත්වය විශාල ලෙස දිනා ගැනිමට සමත්වෙනවා ඇය  2016 වර්ෂයේ දී කෝටිපති  ව්‍යාපාරිකයෙක් වන ඩිශාන් සිල්වා සමහ විවාහ දිවියට එළඹෙනවා.

ඉන්පසු ඔවුන් 2018 වර්ෂයේ දික්කසාද වෙනවා. ඉතින් මේ නිසාම anarkali ආකර්ෂා වෙනත් රටකට යනවා . කොහොමහරි ඉතින් වසර ගනනාවක් පුරාවට විදෙස් රටක පදිංචිව සිටින ඇයට ලංකාව තරම් කිසිම රටක් හිතට වදින් නෑ කියලයි ඇය නම් කියන්නේ. 

ඒ වගේම “පරණ දේවල් මතක් වෙනකොට ජීවිතේ දුකයි. අතිතය ගැන මම හිතන් නැහැ.” කියලත් ඇය කියලා තිබෙනවා     

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha