කොවිඩ් හමුවේ ගන්න තීරණ වැරදියි. අනාගතයේ වෙන දේවල් වලට වග කිව නොහැකියි - ආනන්ද විජයවික්‍රම ඉල්ලා අස්වේ

Covid 19 Covid commutie Ananda wijewikrams
By Sithumi Sep 06, 2021 03:59 PM GMT
Sithumi

Sithumi

Report

ක්‍රියාමාර්ග සාධනීය නැති බව සඳහන් කර කෝවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට අයිඩීඑච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තීරණය කර ඇති අතර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් වෙත ඊමේල්මගින් දන්වා ඇතැයි වාර්තාවේ.

රට වසා දැමීමේ තීරණය සහ එන්නත්කරණ ක්‍රියාවලිය ද තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නො කළ බවත් දේශපාලන හෝ වෙනත් අවශ්‍යතා මත තීරණ වෙනස්ව ඇ.ති බවත් පවසන වෛද්‍යවරයා මෙම වැරදි තීරණ හේතුවෙන් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට තමන්ට වග කිව නො හැකි බව දන්වා තිබේ. ඒ අනුව ඔහු එම කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව රජය කෝවිඩ් 19 වෛරස පාලනය සඳහා ඉක්මන් තීරණ ගත්තේ නම් මීට වඩා මරණ වළක්වාගත හැකිව තිබුණැයි ඔහු පෙන්වා දී ඇති අතර එන්නත්කරණ වැඩසටහනේ පවතින නොපිළිවෙළ වැඩිහිටි මරණ ඉහළ යාමට හේතුවූ අයුරු විස්තර කර තිබේ. 

කමිටු සාකච්ඡාවේදී මෙම ප්‍රශ්න සියල්ල ඉදිරිපත් කර ඒවාට විසඳුම් ගැන හා තීරණ ගැන නිර්දේශ සිදු කළද අවසානයේ එම තීරණ වෙනුවට වෙනත් දේ සිදුවන බවත් එබැවින් තමන් තවදුරටත් මෙවැනි කමිටුවකට එක්වී සාකච්ඡා කර රට වෙනුවෙන් වැදගත් තීරණ ලබාගැනීමට සම්බන්ධවීම අර්ථ විරහිත බව පසක්වන බවත් කවුරුන් හෝ පසුකලෙක මෙම වැරදි තීරණ ගැන කරන විවේචනයකදී ඊට දායකවූවෙකු ලෙස තමන්ද නිරපරාදේ ගෑවෙන්නට සූදානම් නැති බවත් දන්වා තිබේ

_____________you may like this video?

විපක්ෂ නායකයා සිදුකළ භයානක හෙලිදරව්ව 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now