හිටපු ජනපතිවරු ඉල්ලීමක් කරොත් ආරක්ෂක වාහන දෙන්න පුළුවන්

Report

අද (07) දින රැස්වූ පාර්ලිමේන්තුවේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත පිලිබදව අදහස් ප්‍රකාශ කළේය.

එහිදී අමාත්‍යවරයා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන, ඉල්ලීමක් කළහොත් නැවත ඔවුන්ට ලබා දිය හැකි බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර සිටියේය.

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

මහින්දව රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා ත්‍රස්තවාදීන්ව බේරන්න හැදුවේ

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.  

මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මහින්ද වහාම අත්අඩංගුවට ගන්න - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා