අවසානයේ ජනපති සිප් සතර හැදෑරූ ආනන්දයත් පාරට බසි..(PHOTOS)
Sri Lanka
protest
Colombo
Maradhana
Anandha collage
By Sewvandhi
කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරු භවතුන් අද දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.
ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්වූ ඔවුන් පවතින ආර්ථික පීඩනය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ කියමින් පැයකට අධික කාලයක් මෙලෙස විරෝධතාවේ නිරත වුණා.
මෙම විරෝධතාවට අවට සිටි බොහෝ පිරිසක් ද එක්ව සිටි අතර, මේ හේතුවෙන් මරදාන අවට තරමක රථ වාහන තදබදයක් ද හට ගැනුණු බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
කොළඹ මරදාන ආනන්ද විද්‍යාලය සහ වත්මන් ආණ්ඩුව අතර පවතිනුයේ අනුලංඝනීය සබඳතාවක්. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිප් සතර හැදෑරූ පාසල ආනන්දය වන අතර, වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බොහෝ දෙනෙක් ද ආදී ආනන්දියන් වීම හේතුවෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

