නාඳුනන කාන්තා මළසිරුරක් බේරුවල මුහුදු වෙරළට ගොඩ ගසයි.

Sri Lanka Police Crime Mysterious Death
By Wayomi Mar 13, 2024 08:08 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (12)රාත්‍රියේ 9.30ට පමණ බේරුවල ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට තරුණ කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

පොලිසිය පවසන්නේ, එලෙස ගොඩගසා ඇති මළ සිරුර කාගේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවත්, මියගොස් ඇත්තේ,වයස අවුරුදු 26ක පමණ කාන්තාවක් බවට පෙනී යන බවයි.

මළ සිරුර ගොඩ ගසා තිබූ ස්ථානයට බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ පැමිණ ඒ පිළිබඳ මුලික මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එම කාන්තා මළ සිරුර හදුනාගැනිමට මහජන සහය අපෙක්ෂා කරන බව බේරුවල පොලිසිය සඳහන් කරනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇත.   


Gallery
ReeCha